ශ්‍රීලනිපය දැඩි ලෙස කලකිරිලා; පක්ෂයේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්

ශ්‍රීලනිප කිහිපදෙනෙකුට ලැබුණු වාරණ නියෝගය

ශ්‍රීලනිප කිහිපදෙනෙකුට ලැබුණු වාරණ නියෝගය

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගමේ ශ්‍රීලනිප සාමාජිකයන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තනතුරු අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පක්ෂයේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ නම් එම අදහසට හිස නමා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව අමාත්‍යවරයා පවසයි.

ශ්‍රීලනිපය මින් ඉදිරියට කටයුතු කරන්නේ ගම් මට්ටමේ පක්ෂ සාමාජිකයන්ගේ අදහස්වලට අනුව බවත්, ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම මතයක් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් ඇමතිවරයා පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයන් පැරදවීමට පොදුජන පෙරමුණේ සමස්ත යාන්ත්‍රණයම යෙදවූ බව පවසන මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ එවැනි කුමන්ත්‍රණ මැද මෙතරම් ජයග්‍රහණයක් ශ්‍රීලනිපයට ලබා ගැනීමට හැකිවූයේ ගමේ ශ්‍රීලනිප සාමාජිකයාගේ අසීමිත කැප කිරීම් නිසා බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *