මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ බොරුව

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ බොරුව

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ බොරුව

සීනි ආනයනය සම්බන්ධයෙන් රුපියල් කෝටි 1,590ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේස්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමත් සමග මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවැනි පාඩුවක් රජයට සිදුවී නැති බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර තිබේ.

සීනි ආනයනය කිරීමේදී අය කළ විශේෂ තීරු බද්ද සීනි කිලෝ එකකින් රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීම තුළ රුපියල් බිලියන 15ක අලාභයක් හෝ පාඩුවක් රජයට සිදු වී නැතැයි මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අවධාරණය කළේය. එස්. ආර්. ආටිගල මහතා මේ බව අවධාරණය කළේ (12) සවස මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,”2020 ඔක්තෝබර් 10 වැනිදා ආනයනික සීනි කිලෝවකින් අය කළ විශේෂ තීරු බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කීවේය. එම තීරු බදු අඩුවීම කිලෝවකින් රුපියල් 49.75 වේ. මෙලෙස තීරුබදු අඩු කිරීමට මහා භාණ්ඩාගාරය තීන්දු කරනු ලැබුවේ කොළඹ වරායට සීනි කිලෝවක් රුපියල් 72ක මිලකට පැමිණීම නිසයි. එනමුත් අප රටේ වෙළෙඳපොළේ සීනි කිලෝවක් එම කාලයේ අලෙවි කළේ රුපියල් 140කටය. මෙලෙස ඉතා ඉහළ සීනි මිලක් පැවතීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට වන පීඩනය අවම කිරීමට සීනි සඳහා අය කළ විශේෂ තීරු බද්ද අඩු කළේය. ඒ අනුව තීරුබදු රහිතව සීනි කිලෝවක් රුපියල් 85කට දෙසැම්බර් වන විට ගෙන්වා ගත හැකිව තිබිණි. මේ නිසා දේශීය වෙළෙඳපොළේ රුපියල් 114කට වැනි අඩු මිලකට අලෙවි කිරීමට අවස්ථාව උදා විය. මේ වාසිදායක තත්ත්වය ගණන් නොබලා වසර 2020 ඔක්තෝබර් 10 සිට 2021-02-10 දක්වා මෙරටට ගෙන ආ මුළු සීනි තොගය සඳහා කිලෝ එකකට රුපියල් 49.75 බැගින් රජයට ආදායමක් අහිමි වූයේ යැයි ගණන් බලා කරනු ලබන විවේචනවල කිසිදු සත්‍යතාවයක් නැතැයි” ආටිගල මහතා විස්තර කළේය.

ලෝක වෙළෙඳපොළේ යම් යම් භාණ්ඩවල මිල ඉහළ යෑමක් පවතින අවස්ථාවල ඒවා මෙරටට ගෙන්වීමේදී අය කරන විශේෂ තීරු භාණ්ඩ බද්ද අඩු කිරීම පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් බවද ලේකම්වරයා කීය.

මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ බොරුව

එහෙත් පසුගිය දා මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් රුපියල් කෝටි 1,590ක සීනි බදු වංචාවක් සිදු කර ඇති බවට කරුණු දක්වා ඇත. ඒ අනුව මුදල් කාරක සභාව විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව ඊට අදාළ සවිස්තර කරුණු සහිතව රුපියල් කෝටි 1,590ක සීනි බදු වංචාව පිළිබඳව තහවුරු කර ඇත.

අමාත්‍යාංශයක මූල්‍ය බලධාරියා වශයෙන් අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා මූලික වගකීම දරණු ලැබේ. එසේ තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල (12) මාධ්‍ය හමුවක් පවත්වමින් එවැනි වංචාවක් සිදුව නැති බවට කරන ලද ප්‍රකාශය ඔහුගේ වගකීම යටතේ මුදල් කාරක සභාවට නිකුත් කළ වාර්තාවට සම්පූර්ණයෙන්ම පටහැනිය.

-Lankatruth/Dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *