රුපියල් මිලියන 184,300ක් වැය කර වසර හයකදී ප්ලාස්ටික් KG මිලියන 3353.8ක් මෙරටට ආනයනය කරලා

රුපියල් මිලියන 184,300.9ක් වැය කර වසර හයකදී ප්ලාස්ටික් KG මිලියන 3353.8ක් මෙරටට ආනයනය කරලා

රුපියල් මිලියන 184,300.9ක් වැය කර වසර හයකදී ප්ලාස්ටික් KG මිලියන 3353.8ක් මෙරටට ආනයනය කරලා

2012 වසරේ සිට 2018 වසර දක්වා කාල සීමාව තුළ ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 3353.8ක් මෙරටට ආනයනය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා (09) අනාවරණය විය.

එමෙන්ම එම කාල සීමාවේදී ආනයනය කරන ලද ප්ලාස්ටික් සඳහා රුපියල් මිලියන 184,300.9ක් වැය කර ඇති බවටද එහිදී අනාවරණය විය.

ආනයනික දත්ත විශ්ලේෂණය කිරීමේදී 2012 වසරේ සිට 2017 වසර දක්වා කාල සීමාවේදී ආනයනික ප්ලාස්ටික් ප්‍රමාණය වර්ධනය වී ඇති අතර 2017 වසරේදී පෙර වර්ෂයන්ට සාපේක්ෂව ආනයනය කර ඇති ප්ලාස්ටික් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමාන ආනයන ප්‍රමාණයන් රටට නොදැරිය හැකි මට්ටමක පවතින බවත් කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීමේදී සහ කළමනාකරණයේදී පළාත් පාලන අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතනවල දායකත්වය ගැනීම සහ ආහාර දවටන හා ආහාර අසුරන පිළිබඳ නීති හා එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ පාලන නීති ශක්තිමත් කිරීම කඩිනමින් කළ යුතු බවද කාරක සභාවේ මතය විය.

දැනට වෙළෙඳපොළෙහි පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් සකසා නොමැති අතර, විකුණුම් මිලක්ද පනවා නොමැත. එහෙයින් ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාව අවධාරණය කළේය.

ජෛව හායනයට ලක්වන අමුද්‍රව්‍ය මඟින් නිෂ්පාදිත ආහාර දවටන පරිසරයට නිදහස් වීමෙන් අනතුරුව එම බහු අවයවික ජලය, පස, සමුද්‍ර පරිසරය හා කසල කළමනාකරණ අංගණ වෙත ළඟා වූ පසු කවර රසායනික හා ජෛව විපර්යාපසයකට ලක් වන්නේද යන්න පර්යේෂණ අධ්‍යයනයක් මෙතෙක් කර නොමැති බැවින් පර්යේෂණ අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *