පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා දැයි ජනතාව තුළ සැකයක් ඇති වෙලා – අජිත් පී. පෙරේරා

(VEDIO) වරාය නගර පනත ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගමක් කෙටුම්පත් කරලා; අපේ රජයකදී සංශෝධනය කරනවා – අජිත් P. පෙරේරා
පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද කියා ජනතාව තුළ සැකයක් මතු වෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා පැවසීය.
එම චෝදනාවලින් මිදෙන්න නම් සාධාරණ සාක්ෂි ඔස්සේ කටයුතු කිරීමට වත්මන් රජය පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් සෑම දෙනාටම සාධාරණයක් ඉටු වේ යැයි බලාපොරොත්තු වුව ද සැබෑ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට යාම නිසා කළු ඉරිදාවක් වශයෙන් දැවන්ත උද්ඝෝෂණයක් පැවත්වීමට ද සිදු බවත් හෙතෙම සඳහන් කළේ ය. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.