ලොව ධෛර්ය සම්පන්න කාන්තාවට හිමි සම්මානයට ශ්‍රී ලාංකික කතක් තේරී පත්වෙයි

ලොව ධෛර්‍යසම්පන්න කාන්තාවට හිමි සම්මානයට ශ්‍රී ලාංකික කතක් තේරී පත්වෙයි

ලොව ධෛර්‍යසම්පන්න කාන්තාවට හිමි සම්මානයට ශ්‍රී ලාංකික කතක් තේරී පත්වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ‘ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න කාන්තාව’ යන සම්මානය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සතු නීතිඥවරයෙකු හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රනිතා ඥානරාජා මහත්මිය තේරී පත් වී තිබෙනවා.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ලබන 08දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි. එහි දී ඇමරිකාවේ ජනාධිපති ආර්යාව විසින් තේරී පත්වූ ලියන්ගේ ජයග්‍රහණයන් සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතය.

අභියෝග හා තර්ජන මධ්‍යයේ රටතුළ වෙන්කොට ඇති හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ කාන්තාවක් බවයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අතුරුදහන් වූවන්ට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් පුරා රඳවා සිටින අයට මැය විසින් නොමිලේ නීතිමය වශයෙන් සහය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කර සිටියා.

ජාත්‍යන්තර ධෛර්‍යසම්පන්න කාන්තා සම්මානය ලොව පුරා කාන්තාවන්ගේ ධෛර්යය, නායකත්වය සහ උපදේශනය අගය කරන අතර පුද්ගලික අවදානම නොතකා යුක්තිය, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා ඔවුන් කළ සේවය වෙනුවෙන් ඔවුන්ට ගෞරව කරයි.

මේ වන විට රටවල් 75ක කාන්තාවන් 155 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *