කෝප් කමිටුවෙන් මහ බැංකුවට අවවාදයක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

මහ බැංකුවේ වැටුප් සමාලෝචනයට ජනපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවට අනිකුත් වානිජ බැංකු මෙන් ලාභය පසුපස හඹායෑමෙන් වැළකී සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව ආර්ථික සැලසුම් සකස් කළ යුතු බව කෝප් කමිටුව අවධාරණය කර තිබේ.

පසුගිය සතියේදී රැස්වුණු කෝප් කමිටුව මෙම අවවාදය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව කරන සමාලෝචනයකදීය.

2021 පෙබරවාරි 19 වැනි දින වනවිට විශේෂ තැන්පතු ගිණුමක් මගින් ඩොලර් මිලියන 323ක ඉතුරුම් ශේෂයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් මහ බැංකුවට මෙම අවවාදය කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය වසර මුල් භාගයේදී මහ බැංකු නිලධාරීන්ට තර්ජනාත්මකව බැනවැදී මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩනැගීමේ ටූල් ඉදිරිපත් නොකරන බවට ප්‍රසිද්ධියේම චෝදනා කරනු ලැබීය. ඉන්පසුව මහ බැංකුව විශාල වශයෙන් මුදල් අච්චු ගසා වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රියාමාර්ගයකට යොමු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *