ගැසට් පත්‍රය නිකුත් වුවද දේහයන් භූමදානය නොකර බලධාරීන් ඕනෑකමින්ම ප්‍රමාද කරති
දේහයන් භූමදානය කිරීමේ අවසරය ලබාදුන් ගැසට් පත්‍රය නිකුත් වුවද, ප්‍රමාණවත් මාර්ගෝපදේශ නොමැති බව පවසමින් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන බවට විපක්ෂය චෝදනා කරයි. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරු හඳුනා ගැනීමට දේශීය නිලධාරීන් අපොහොසත් වී ඇති බැවින් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව විපක්ෂය ඉල්ලා සිටී.
කෙසේ වෙතත් 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණයන් සිදු කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව කෙරෙහි මහජන විශ්වාසය තිබුණද එම කොමිසම මගින් ප්‍රමාණවත් කරුණු හෙළි කර ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ දැක්වෙන බව ඔහු පවසා සිටියේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්ද? මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට උදව් කළේ කවුද යන්න ජනතාවට හෙළි කිරීමට අවශ්‍ය බව ඔහු පවසා සිටියේ ය.
ජනාධිපති කොමිසම් වාර්තාවෙන් රටේ ජනතාවට සෑහීමට පත්විය නොහැකි බව ඔහු තවදුරටත් පැවසීය.