(VIDEO) උදිත හිමි ඇමැති වීරසේකරගේ බොරුව දහයියාගල රක්ෂිතයටම ගිහින් පෙන්වයි

(VIDEO) උදිත හිමි ඇමැති වීරසේකරගේ බොරුව දහයියාගල රක්ෂිතයටම ගිහින් පෙන්වයි

(VIDEO) උදිත හිමි ඇමැති වීරසේකරගේ බොරුව දහයියාගල රක්ෂිතයටම ගිහින් පෙන්වයි

උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් දහයියාගල රක්ෂිතයේ බෝගහපට්ටිය වනාන්තරය අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම තවමත් සිදු වෙමින් පවතින බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පැවසීය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසා සිටියේ පරිසර අමාත්‍යවරයාවත් මේ සම්බන්ධව ක්‍රියා නොකිරීමෙන් පෙනී යන්නේ මේ සම්බන්ධව ජනපතිවරයාගේ බලය ක්‍රියාත්මක වන බව විශ්වාස කළ හැකි බවයි.

“සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ රවට්ටනවා මේ රටේ ජනතාව. කපනවා දැක්කොත් කියන්න කියලා ටෙලිෆෝන් අංක දෙනවා. ඇවිල්ලා බලන්න. ඩ්‍රෝන් යානා වලින් බලන්න. ගුවන් යානා වලින් යද්දි උඩ බලන් යන්නෙ නැතුව බිම බලන්න. එතකොට මේවා පේනවා. අමුතුවෙන් ටෙලිෆෝන් කරන්න ඕනෙ නෑ.” යැයි උන්වහන්සේ පවසයි.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එහි නිරීක්ෂණයකට එක් වූ අතර එහිදී විවිධ පුද්ගලයින් රක්ෂිතය හෙළි කර විදුලි වැටවල් පවා සකස් කර ඇති ආකාරය නිරීක්ෂණය විය.

එම විදුලි වැටවල්ද සාදා ඇත්තේ වටිනා ගස් කපා ඒවායේ කඳන් යොදා ගනිමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *