සියලු අන්තවාදී කටයුතු වැළැක්වීමට ඇම­රි­කා­වෙන් හා ඉන්දි­යා­වෙන් අධි තාක්ෂ­ණික නවීන ගුවන් යානා

සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට ඇම­රි­කා­වෙන් හා ඉන්දි­යා­වෙන් අධි තාක්ෂ­ණික නවීන ගුවන් යානා

සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට ඇම­රි­කා­වෙන් හා ඉන්දි­යා­වෙන් අධි තාක්ෂ­ණික නවීන ගුවන් යානා

ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කරගෙන සිදු කෙරෙන සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට මෙරටට අයත් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම පිණිස අධිතාක්ෂණික පහසුකම් ඇති නවීන ගුවන් යානා 2ක් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ කීය.

මුහුදු මඟින් සිදු කෙරෙන මත්කුඩු ඇතුළු තහනම් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම අනවසර ආගමන විගමන වැළැක්වීමද මේ මඟින් වැළැක්වෙන බව ඒ මහතා පැවසීය.

එහි ආරම්භක පියවරක් ලෙසින් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේ නොමැති අධි තාක්ෂණික නවීන පහසුකම් ඇති ගුවන් යානා දෙකක් මේ වසර තුළදී මෙරටට නොමිලේම ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මෙන් 24 ගුණයක් විශාල මෙරට මුහුදු සීමාව ආරක්ෂා කිරීම නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් ගැටලුවක් වූ නමුත් නවීන යානා ලැබීමෙන් පසු ඒ කටයුත්ත පූර්ණ වශයෙන් සිදු කළ හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේම නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමෙන්ද මුහුදු ආරක්ෂණය තව දුරටත් සිදු කරන බව පැවසූ ගුවන් හමුදාපතිවරයා සයිබර් තාක්ෂණයද ඇතුළු නවීන තාක්ෂණික ක්‍රම අනුව මෙරට සාගර ආවේක්ෂණ කටයුතු ගුවන් මඟින් සිදු කරන බව පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *