මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ඉල්ලයි – ජනාධිපතිගෙන් මෝදිට ලිපියක්

මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ඉල්ලයි - ජනාධිපතිගෙන් මෝදිට ලිපියක්

මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ඉල්ලයි - ජනාධිපතිගෙන් මෝදිට ලිපියක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය බලාපොරොත්තු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් එම මාධ්‍ය ඒ බව වාර්තා කර ඇත.

‘‘අපි මුලින්ම ඉන්දියාවෙන් ඉල්ලීමක් කළා. ඒ ඒ රටවල නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවෙද්දී, ජනාධිපතිවරයා අදාළ රටවල නායකයන්ට දෙන්නැයි එම නියෝජිතයන්ට ලිපියක් ලබාදෙනවා’’ යැයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහාය ලබාගැනීමේ උත්සාහයක් ලෙස ජනාධිපතිවරයා එම ලිපිය යැවූ බව ද හෙතෙම සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *