යුධ සමයේ මානව හිමිකම් කඩවී ඇත්නම් වරදකරුවන්ට දඬුවම් දීමට රජය සූදානම් – දිනේශ් ගුණවර්ධන

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරැණි ඡන්ද ක්‍රමයටම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නිර්දේශය

පසුගිය යුධ සමයේ මානුෂීය මෙහෙයුමේදී යම් මානව හිමිකම් කඩවීම් සිදුව ඇති නම් ඒ පිළිබඳව විමර්ශනය කර වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රජය සූදානම් බවත් ඒ සඳහා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කොමිසමක් ද පත්කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ යහපාලන රජය සමයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වුණු 30/1 යෝජනාවට එම රජය ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟ වුවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවත් එම සම අනුග්‍රාහකත්වයෙන් තම රජය ඉවත් වුණේ එම හේතුව නිසා බවත්ය.

එහෙත් යුධ සමයේ මානව හිමිකම් කඩවීමක් සිදුව ඇත්දැයි සොයා බලා වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමටත් වරදකරුවන්ට දඬුවම් ලබාදීමටත් රජය සූදානම් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

කොරෝනා වසංගතයේ අභියෝගවලට මුහුණ දෙමින් ජාත්‍යන්තරය සමග හොඳහිත පවත්වාගනිමින් කටයුතු කිරීමට රජය සූදානම් අතර ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන චෝදනාවල යටි අරමුණු ද මානව හිමිකම් සමුළුවේ අවධානයට යොමු වියයුතු බවත් ඒ මහතා සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *