ලාසරස් විශේෂ යනු මොනවා ද? ​: කෘෘඩියා සිලනිකා ඇතුළු මෙරටින් හමුවූ ලාසරස් විශේෂ

ලාසරස් විශේෂ යනු මොනවා ද? ​: කෘෘඩියා සිලනිකා ඇතුළු මෙරටින් හමුවූ ලාසරස් විශේෂ

ලාසරස් විශේෂ යනු මොනවා ද? ​: කෘෘඩියා සිලනිකා ඇතුළු මෙරටින් හමුවූ ලාසරස් විශේෂ

වඳවී ගොස් තිබූ බවට විශ්වාස කළ ශාක සහ ජීවීන් සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා විසින් පළ කරනු ලැබ තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

“කෘෘඩියා ශාකය පිළිබඳව පසුගිය කාලයේ ඇති වුණු විශාල උද්‍යෝගය සහ කකිකාවත නිසා සාධනීක කරුනු ගණනාවක් සමාජගත කිරීමටත් යම් අවස්ථාවක් ලැබීම විශේෂයෙන් වැදගත් වේ.

ලොවින් වඳවී ගොස් ඇතැයි සලකන ලද සත්වයෙකු හෝ ශාකයක් යළිත් සොයා ගැනීම ඉතා වැදගත් සහ සුවිශේෂී සිදුවීමකි.

මෙසේ වඳවී ගොස් ඇති බවට කලක් විශ්වාස කළ සහ පසුකලකදී යළින් හමුවී තිබෙන යම් සත්ව හෝ ශාක විශේෂ සඳහා ලාසරස් විශේෂ (Lazarus Species) යන නාමය පබැඳීම භාවිතා කිරීම David Jablonski සහ Karl W. Flessa යන විද්‍යාඥ්‍යන් විසින් 1983දී මුල්වරට සිදු කරන ලද අතර මෙවන් යළි හමුවුණු විශේෂයන් හඳුන්වා දීමට මේ වන විට භාවිත වන යෙදුමක්ව තිබේ.

මියගොස් සොහොනේ තැන්පත් කිරීමෙන් සිව් දිනකට පසුව ජේසුස් වහන්සේ විසින් යළි ජීවනය ලබා දෙන ලද බවට බයිබලයේ සඳහන් චරිතය වන ලාසරස්ගේ නාමයෙන් මෙසේ යළි හමුවන විශේෂයන් ලාසරස් විශේෂ ලෙස ඔවුන් විසින් නම් කරනු ලැබ ඇත.

මේ යෙදුම මෙරට තුළ භාවිත වනු මා මීට පෙර අසා හෝ දැක නොතිබුණත්, එසේ හඳුන්වා දීමට යෝග්‍ය විශේෂ ගණනාවක් තිබේ.

දශක තුනකටත් වඩා කාලයක් වඳවී ගොස් ඇතැයි සලකන ලද මෙම Crudia zeylanica ශාකය යළිත් සොයා ගැනීමෙන් අනතුරුව එය ද තවත් ලාසරස් විශේෂයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

සීලසාන්ත් (Coelacanth)මත්ස්‍යයා

ලොව පුරා පසුගිය සියවසේ සහ මේ සියවසේදී යළි හමුවුණු මෙවන් විශේෂ අතරිනුත් සුවිශේෂී වන්නේ සීලසාන්ත් (Coelacanth)මත්ස්‍යයාය.

1983දී ෆොසිල් අනුසාරයෙන් ලුයී අගාසීස් (Louis Aggazizz) නම් විද්‍යාඥයා විසින් හඳුනා ගනු ලැබූ මේ මත්ස්‍යයෙකු ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ දකුණු අප්‍රිකාවේ සිටි එවකට 31 වන වියේ පසුවූ Marjorie Courtenay-Latimer මැතිනිය විසිනි.

ඉන් පසුව එම මත්ස්‍යයා ඇතුළත් ගණය ඇය වෙනුවෙන් ” Latimeria” ලෙස නම් කර තිබේ.

නමුත්, අන් සියලු ම ලාසරස් විශේෂයන් කලින් දැන සිටි සහ පසුව බොහෝ කලක් වාර්තා වී නැතිකම නිසා වඳවී ගොස් තිබෙන බවට සලකනු ලැබූ හෝ අනුමාන කළ සත්ව හෝ ශාක නැවතත් සොයා ගත් ඒවාය.

ශ්‍රී ලංකාවෙන් හමුවූ ලාසරස් විශේෂ

ශ්‍රී ලංකාවෙන් පවා මෙසේ ලාසරස් විශේෂ ගණනාවක් ඉකුත් දශක කිහිපය තුළ සිදුවූ නැවත සොයා ගැනීම් හරහා වාර්තා වේ.

හොරවැල්: මින් මගේ මතකයේ තිබෙන පැරණි ම, විද්‍යාත්මක සහ තවත් හේතු ගණනාවක් නිසාත් සුවිශේෂී වන නිදසුන නම් මහාචාර්‍ය නිමල් ගුණතිලක සහ මහාචාර්‍ය කොස්ටමාන්ස් ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් 1979දී බුලත්සිංහල පිහිටි වලව්වේවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් හොරවැල් (Stemonoporus mooni) ශාකය වේ.

පොන්ඩිචෙරි මෝරා: මෙරටින් සොයා ගත් බවට වාර්තා වන එක ම සමුද්‍රීය ලාසරස් මත්ස්‍යයා වන්නේ, 2011 වසරේදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා සහ නදීක හපුආරච්චි මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය තුළ කළ මත්ස්‍ය අධ්‍යයනයකින් හමුවුණු සහ 2014 වසරේදී රෙක්ස් ද සිල්වා මහතා විසින් හඳුනාගත් පොන්ඩිචෙරී මෝරාය.(Pondicherry Shark)

1979න් පසු වාර්තා නොවූ ලෙස සලකන ලද සහ වඳවී යාමේ තර්ජනයට ඉතා දැඩි ලෙස ලක්ව තිබෙන හෙවත් වඳවී යාමට අත්‍යාසන්න (Critically Endangered)(CR) ලෙස සලකන ලද මේ මත්ස්‍යයෙකු මිරිදියෙන් හමුවුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙන් ම එම මත්ස්‍යයාට හානි නොකර අල්ලාගෙන, රූගත කර නිදහස් කර තිබීමත් යන හේතු නිසාත් මේ සොයා ගැනීම විශේෂයෙන් වැදගත් වේ. (මේ පිලිඹඳ 2014 දෙසැම්බර් Loris සඟරාවට රෙක්ස් ද සිල්වා මහතා ලියූ ලිපියක එම අතරතුර කාලයේ මේ මත්ස්‍යයා පිළිබඳ වාර්තා කිහිපයක් දක්වා තිබණනත්, මේ 2011 වාර්තාව ඡායාරූප මගින් තහවුරු වී තිබෙන වාර්තාවක් වීමත් විශේෂයෙන් වැදගත් වේ.

එසේ ම නව පරපුරේ පර්යේෂකයන් (මින් අදහස් වන්නේ මට වඩා දශකයකටත් වඩා වයසින් අඩු යන්නයි) විසින් මෙරටින් තවත් ලාසරස් විශේෂ වාර්තා කර තිබේ.

එසේ කරන ලද වාර්තා අනුව හිමේෂ් ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් වාර්තා කරන ලද ලාසරස් ශාක මෙන් ම, මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් වාර්තා කරන ලද ලාසරස් උභය ජීවින් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

ලොව කොතැනක හෝ වඳවී ගියා යැයි සලකන ලද ශාඛ හෝ සත්ව විශේෂයක් යළි හමුවීම හෙවත් තවත් ලාසරස් විශේෂයක් එකතු වීම සුවිශේෂී සතුටුදායක පුවතකි.

එමෙන් ම ශ්‍රී ලංකාවෙන් යම් විශේෂයක් ලාසරස් විශේෂයක් බවට පත්වීම අතිශයින් ම වටිනා සහ වැදගත් මෙන් ම, සුවිශේෂී ලෙස සතුටුවිය හැකි සහ සතුටු විය යුතු සිද්ධියකි.

එවන් යළි සොයා ගැනීම් සිදුකළ මෙහි නමින් සඳහන් කළ මෙන් ම සඳහන් නොවුණු සියලු ශ්‍රී ලාංකික පර්යේෂකයින්ට කෙරෙන උපහාරයක් ලෙස මෙම කෙටි සටහන පුද කරන්නෙමි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *