ආණ්ඩුව මාව දාලා යාවිද දන්නෙ නෑ..- විමල් වීරවංශ කියයි..

මිරිහාන විරෝධතාවයේ නිරත වූ පිරිස අන්තවාදීන් නම් ඔක්කොම ජනතාව අන්තවාදියෝ - විමල් වීරවංශ
තමන් ආණ්ඩුව දාලා යන්නේ නැති නමුත් ආණ්ඩුව තමන් දාලා යාවි දැයි දන්නේ නැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් තමන්ට පහරදීම ගැන ඔවුන්ට දොස් නොකියන බවත් එම මන්ත්‍රීවරුන්ටත් කවුරුන් විසින් හෝ එය පවරන ලද්දක් විය හැකි බවත් ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සව සභාවක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.