උතුරේ තරුණයකුගේ ගිණුමට ආ ට්‍රිලියනයට ගේමක් ගැසූ ජේලර් සහ කතක් අල්ලයි: ගිණුමත් අත්හිටුවයි

උතුරේ තරුණයකුගේ ගිණුමට ආ ට්‍රිලියනයට ගේමක් ගැසූ ජේලර් සහ කතක් අල්ලයි: ගිණුමත් අත්හිටුවයි

උතුරේ තරුණයකුගේ ගිණුමට ආ ට්‍රිලියනයට ගේමක් ගැසූ ජේලර් සහ කතක් අල්ලයි: ගිණුමත් අත්හිටුවයි

වවුනියා‌වේ පදිංචි තරුණයකුගේ බැංකු ගිණුමට විදේශයකින් රුපියල් ට්‍රිලියනයක් බැරවූ බව කියමින් ඔහු පැහැර ගැනීමට පැමිණි ව්‍යාපාරික කාන්තාවක, ජේලර්වරයකු සහ තවත් 4 දෙනෙකු වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාව පිළියන්දල පදිංචිකාරියක වන අතර ඇය මහ බැංකුවේ නිලධාරිනියක ලෙස පෙනී සිට ඇත. ඇය සමග සිටි සිව්දෙනෙකු ඇයගේ සේවකයන් බව හෙළි වී තිබේ.

මෙම පිරිස අත්සනක් ගැනීමට බව කියමින් තරුණයා වාහනයේ දමාගෙන යද්දී ඇති වූ සැකයක් මත එම තරුණයා වාහනයෙන් පැන පුවරාසකුලම් පොලිසියට දිවගොස් ඒ ගැන පැමිණිලි කර ඇත.

පුවරාසකුලම් පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසූරිය, වවුනියාව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර වෙත මේ බව දැන්වීමෙන් පසු වාහනය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා කුමාංකුලම් පදිංචි කන්දසාමි සුමිත්‍රන් නමැති සී.සී.ටී.වී. කැමරා සවිකරන පුද්ගලයෙකි.

තම ගිණුමේ ඇතැයි කියන ට්‍රිලියනයක මුදලක් ලබාගැනීමට අත්සනක් අවශ්‍ය බව එම කාන්තාව පැවසූ බවත් ඇය මහ බැංකු නිලධාරිනියක ලෙසින් පෙනී සිටි බවත් පැමිණිලිකරු පවසා ඇත.

පැමිණිලිකරු හා මෙම පිරිස අතර මාස ගණනක සිට සබඳකම් පැවැති ඇති අතර තරුණයාගේ ගිණුමට ලද මුදලින් සියයට දහයක් රජයට ලබාදෙන බවත් පවසා පැමිණිලිකරු රැගෙන යාමට උත්සාහ කර ඇත.

තමාගේ ගිණුමට මීට පෙරත් ලන්ඩනයේ හිතවතකු රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක මුදලක් තැන්පත් කළ බව පැමිණිලිකරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.

මෙම ගිණුම සැක සහිත මුදල් හුවමාරු වන ගිණුමක් යැයි ඇති සැකය මත වහාම අවහිර කරන ලෙස මහ බැංකුව වෙත (17 වැනිදා) පොලිස් මූලස්ථානයෙන් දැනුම් දී ඇත. මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.

උසාවියට ඉදිරිපත් කළ සැකකරුවන් මෙම 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *