මාරක රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

වසර 5ක් තුළ රිය අනතුරු නිසා මිනිස් ජීවිත 12,140ක් නැති වෙලා
මෙරට මාරක රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.
(14) දිනයේ ද මෙරටින් මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් ඇති අතර මින් 05 දෙනෙකු (14) සිදු වූ රිය අනතුරු වලින් ද දෙදනෙකු මින් පෙර සිදු වූ රිය අනතුරු වලින් ද මිය ගොස් ඇත.
සමස්තයක් ලෙස අධ්‍යයනය කරන විට දිනකට රිය අනතුරු නිසා පුද්ගලයින් 40 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළහ.