Type to search

වත්මන් රජය නතරකල සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

වර්තමාන රජය බලයට පත් වූ පසුව නතරකල සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විසින් එම අමාත්‍යාංශය භාර කැබිනට් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව මාර්ග හතරකින් යුක්ත එම ව්‍යාපෘතියේ මාලඹේ – කොළඹ කොටස අතහැර ඉතිරි කොටස් තුන ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

රජය මුලින් ප්‍රකාශ කළේ වියදම් අධික නිසා මෙම ව්‍යාපෘතිය නතර කරන බවයි. ඩොලර් බිලියන දෙකක ජපන් ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට පසුගිය ආණ්ඩුව සැලසුම් කර තිබුණි.

කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම පිළිබඳව ඉන්දියාව සහ ජපානය දිගින් දිගටම ගෝටාබය රාජපක්ෂ රජය සමග සාකච්ඡා කරමින් සිටියේය. රජය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට යන්නේ ජපානය සමඟ ද වෙනත් රටක් සමග ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *