“පාස්කු ප්‍රහාරයට නීතිය ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා, CID පරීක්ෂණ ගැන සෑහීමකට පත් වන්නේ නෑ” – කාදිනල් මැල්කම් රන්ජිත්

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශව වලට එරෙහිව මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පවසනවා.

අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිමිපාණෝ මේ බව පසක් කර සිටි අතර වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මෙතෙක් එය නොලැබුණු බව ද පවසා සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ අයගේ පවුල් සමඟ පැවති සාකච්ඡා වලදී ඔවුන් තමාගෙන් මෙම ගැටළුව සඳහා පිළිතුරු බලාපොරොත්තු වන බව හිමිපාණන් පවසා සිටියා. කවුරුන් විසින් ද මෙවැන්නක් සිදු කළ බවත් කිනම් කාරණයක් නිසා මෙවැන්නක් සිදු කිරීමට පෙළඹුණේද යන්න ගැන ජනයා තමාගෙන් විමසන බවයි හිමිපාණන් වැඩිදුර සඳහන් කර සිටියේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් නිසි අයුරින් පරීක්ෂණ සිදු කර තිබේද යන්න පිළිබඳව තමාට සෑහීමකට පත්විය හැකි නොවන බවත් ඒ අනුව එක් කරුණක් සම්බන්ධයෙන් විකල්ප මාර්ගයකට එළැඹී ඇති බවද අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් එහි දී පවසා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *