වෙළද අමාත්‍යවරයා ව්‍යාපාරිකයන් සමග නීති විරෝධී එකගතාවක; සීනි පාලන මිල 88යි. අඩුකල සහන මිල 99යි

භාණ්ඩ 27ක මිල පාලනයට වෙළද අමාත්‍යවරයා ව්‍යාපාරිකයන් සමග නීති විරෝධී එකගතාවක; සීනි පාලන මිල 88යි. අඩුකල සහන මිල 99යි - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

භාණ්ඩ 27ක මිල පාලනයට වෙළද අමාත්‍යවරයා ව්‍යාපාරිකයන් සමග නීති විරෝධී එකගතාවක; සීනි පාලන මිල 88යි. අඩුකල සහන මිල 99යි - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වෙළද අමාත්‍යවරයා විසින් භාණ්ඩ 27ක මිල පාලනය සදහා ව්‍යාපාරිකයන් සමග ඇතිකරගත් එකගතාවය නීති විරෝධීයි.

පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කොට ඇති පාලන මිලට වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම සදහා වන එකතගාවයක් වෙළද අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ඇති කර ගැනීම නීති විරෝධි ක්‍රියාවකි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝග අංක 71 අනුව සීනි අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කි. අමාත්‍යවරයා හා ව්‍යාපාරිකයින් අතර ඇතිව තිබෙන එකගතාවයට අනුව සීනි අලෙවි කරනු ලබන මිල රුපියල් 99.00 කි මේ අනුව මෙම මිලට සීනි අලෙවි කිරීම හ්‍රී ලංකාවේ වලංගු නීතිය උල්ලංඝණය කිරීමකි. සහල් සදහා ද පාලන මිලක් නියම කර ඇත. ඒ අනුව පාලන මිලක් පනවා ඇති භාණ්ඩ අනීතික ලෙස වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට ආරක්ෂාවක් ලබා දීම වෙළද අමත්‍යවරයා විසින් සිදු කිරීම දූෂණයකි. මෙම දූෂණයට එරෙහිව අප සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.

භාණ්ඩ මිල පාලනය කිරීමට ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පසෙකලා අනීතික ක්‍රියාමගින් පාරිභෝගිකයින් ගසා කෑමට සැළැස්වීමට ලක් කිරීම අප දැඩිව හෙළ දකින අතර භාණ්ඩ 27 ක් අලෙවි කිරීම සදහා ව්‍යාපාරිකයින් අතර එකගතාවයක් ඇති කර ගැනීම හා එම භාණ්ඩ 27ට පාලන මිලක් පනවා ඇති භාණ්ඩ ඇතුලත් වීම භාණ්ඩ මිල පාලනය කිරීම සදහා වෙළද අමාත්‍යවරයාට ඇති නොහැකියාම මනාව පෙන්නුම් කරන්නකි. අනෙක් අතට වෙළද අමාත්‍යවරයා සිය නිරුවත සිය අතින් වසා ගැනීමට උත්සහ කිරීමකි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙරට පාරිභෝගිකයින්ට සෑම වෙළද සැළකින්ම සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගැනීම සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙසය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *