‘මන්ත්‍රීකම ගත්තේ කාට හරි බැලමෙහ‌ෙ කරලා’ – පොහොට්ටු ලේකම්ට විමල්ගෙන් සැර ප්‍රතිචාරයක්!

'මන්ත්‍රීකම ගත්තේ කාට හරි බැලමෙහ‌ෙ කරලා' - පොහොට්ටු ලේකම්ට විමල්ගෙන් සැර ප්‍රතිචාරයක්!

'මන්ත්‍රීකම ගත්තේ කාට හරි බැලමෙහ‌ෙ කරලා' - පොහොට්ටු ලේකම්ට විමල්ගෙන් සැර ප්‍රතිචාරයක්!

තමන් විසින් කරන ප‍්‍රකාශයන් ගැන කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයට අමාත්‍ය විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දී තිබේ.

‘අපට ප‍්‍රශ්නයක් නැහැ එයාට කනගාටුදායක උනාට. මට ප්‍රශ්නයක් වෙන්නේ අප ගන්නා ක්‍රියාමාර්ගවලින් රටට ජනතාවට කණගාටු හිතෙනවා නම් තමයි. ඒක විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නෙ නැහැ. ඒ ගොල්ලො කාට හරි බැලමෙහෙවරකම් කරලා ඒකට දැන් ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය’ යනුවෙන් වීරවංශ මහතා එහිදී සදහන් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ අදහස් පළ කර ඇත.

මොන ප්‍රහාරයට ලක් වුවද රට ජාතිය වෙනුවෙන් දරන ස්ථාවරය හා ගන්නා ක්‍රියාමාර්ග අබමල් රේණුවක තරම්වත් වෙනස් නොකරන බවද ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *