ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට කැණීම් සඳහා ජාත්‍යන්තර ආයතනයක අවසරය අනවශ්‍යයි – පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට කැණීම් සඳහා ජාත්‍යන්තර ආයතනයක අවසරය අනවශ්‍යයි - පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට කැණීම් සඳහා ජාත්‍යන්තර ආයතනයක අවසරය අනවශ්‍යයි - පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සොයාකරන කැණීම් සඳහා යුනෙස්කෝවේ හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක අවසර අවශ්‍ය නොවන බවත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට ඒ සඳහා ස්වාධීනව තින්දු තීරණ ගත හැකි බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.

එම කැණීම් කටයුතුවලදී යම් යම් අභියෝග පැමිණ ඇතැයි ද ඒවා අනවශ්‍ය අභියෝග ලෙස හැඳින්විය හැකි යැයි ද ඔහු කියා සිටියේය.

මහාචාර්ය මනතුංග මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (05) පැවැති මාධ්‍ය හමුවක දීය. උතුරේ සමහර දේශපාලඥයන් විසින් කුරින්දිමලේ කැණීම්වලට එරෙහිව කරන ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

ස්වාධීන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට රටේ අභ්‍යන්තර කටයුතු සඳහා ජාත්‍යන්තර අවසර ගත යුතු නොවන බව අවධාරණය කළ ඔහු කැණීම් කරන්නේ කොතැනද සංරක්ෂණය කරන්නේ කොතැන ද යන්න ගැන තීරණ ගන්නේ ශ්‍රී ලංකාව විසින් වන අතර ඒ සඳහා යුනෙස්කෝවෙන් හෝ වෙනත් තැනකින් අවසර අවශ්‍ය නොවන බව ද පැවැසීය. ඉකුත් ජනවාරි 18 දා එහි ඇරඹුණු කැණීම්වල දී මේ වනවිට පබ්බත වර්ගයේ විශාල ස්ථූපයක කොටස්, විශේෂයෙන් එම ස්ථූපයේ යූපස්ථම්භය හමුවූ බව ද හෙතෙම සඳහන් කළේය.

ඉපැරණි ස්ථූපයන්හි කොත් කැරුල්ලක් නොවූ අතර ඒවායේ පැවැතියේ අටපට්ටම් හැඩැති කුළුණක් බවත් එය යූපස්තම්භය යනුවෙන් හඳුන්වන අතර ස්ථූපයේ පූජනීයම කොටස වන්නේ එය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය. ඒ පුරා විද්‍යාඥයන් වන තමන් කුරින්දිමලේ දෙස බලන්නේ මුන්නේෂ්වරම, නල්ලූර් කෝවිල හෝ අනෙක් ආගම්වල පුරා විද්‍යාස්ථාන දෙස බලන අන්දමින්ම බවත් එහි දී විද්‍යාත්මක අන්දමින් පුරා විද්‍යා ස්ථාන දෙස බලා තීරණයක් දීම තම වගකීම වන බවත් මනතුංග මහතා කීය.

පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඉංග්‍රීසි නිලධාරින් පවා එය බෞද්ධ විහාරස්ථානයක් ලෙස හඳුන්වා තිබීම යැයි කී ඔහු එච්. සී. පී. බෙල් මහතා යටතේ කටයුතු කළ නිලධාරියෙකු වන ජෝන් ස්ටිල් මහතා පැහැදිලිව එය සඳහන් කර ඇතැයි ද කීය. ඔහු විසින් මුලතිව්හි ඇති විශාලතම බෞද්ධ විහාරස්ථානය ලෙසින් හඳුන්වා දී ඇති මෙම විහාරස්ථානයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වීම බරපතලම ප්‍රශ්නයක්ව ඇතැයි ද කවුරු කැමති වුවත් අකමැතිවුවත් පිලිගත යුතු සත්‍යය වන්නේ උතුරු නැගෙනහිර ඇති පුරාවිද්‍යා ස්ථානවලින් අතිබහුතරය බෞද්ධ සිද්ධස්ථාන වීම බව ද පැවැසීය. උතුරු නැගෙනහිර ඇති පුරා විද්‍යාත්මක ස්මාරකවලින් වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි පෙන්වා දුන් මනතුංග මහතා ඒ යුද සමයේ ද නැද්ද යන්න ද සොයා බැලිය යුතු යැයි ද මේ විනාශවී යන්නේ අපේ උරුමය පිළිබඳ සාක්ෂි යැයි ද කීය.

පුරා විද්‍යාත්මක ස්ථාන ඒ අන්දමින්ම තබා ගැනීමෙන් ඒවා තවදුරටත් විනාශ වී යයි ද නැද්ද යන්න ගැන සොයා බලා යම් යම් පියවර ගන්නා බවත් කුරුන්ඳිමලේ නටබුන් වල කැණිම් කර එහි ස්මාරක මතුකර ගතහොත් එහි වාසිය යන්නේ එම ප්‍රදේශයේ ජනතාවට බව ඔවුන් දන්නේ යැයි ද මහාචාර්ය මනතුංග කියා සිටියේය. සුළු පිරිසකගේ පෙළඹවීමෙන් මිස මහජනතාව කිසිසේත්ම මේවාට විරුද්ධ නොවන්නේ යැයි ද ඔහු කියාසිටියේය. කෙසේ වෙතත් තවදුරටත් කැණීම් පුළුල් කරන බවත් ඒ සඳහා විවිධ මට්ටම්වල විද්වතුන් මෙන්ම ජනතාව සහය කර ගන්නා බව ද යුද හමුදාවේ ශ්‍රමදායකත්වය ලබා දෙන බවත් මනතුංග මහතා පැවැසුවේය. යුනෙස්කෝවෙහි උපකාර අවශ්‍ය වන්නේ මෙම ජාතික උරුමයන් මතුකරගෙන එය ලෝක උරුමයක් සේ ප්‍රකාශයට පත් කරන අවස්ථාවක යැයි ද කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *