මාර්තු 31ක සිට සැෂේ පැකට් තහනම්, කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම්

මාර්තු 31ක සිට සැෂේ පැකට් තහනම්

මාර්තු 31ක සිට සැෂේ පැකට් තහනම්

තනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර තිබේ.
ප්ලාස්ටික් නියාමනයට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.

ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.
අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම් කර තිබේ.

1.ශුද්ධ පරිමාව මි.ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවික කිරීම සඳහා හැර,

2.හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු – බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර,

3.ප්ලාස්ටික් කූර (Stem) සහිත කෝන් බඩ්ස් (cotton buds) වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර අනෙකුත් දෑ පාවිච්චි කිරීම තහනම් වේ.

මේ අතර අංක 2211/50 2021 ජනවාරි 21 වන දින දරන ගැසට් පත්‍රය මඟින් ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය කර ඇත.

එමෙන්ම එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනාගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරනු ලබන සංකේත ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මඟින් පරිසර දුෂණය අවම කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව අදාළ ප්ලාස්ටික් මාර්තු මස 31 වන දිනට පසු නිෂ්පාදනය කරන සහ වෙළෙඳාම් කරන පුද්ගලයින්ට එරෙහිව ජාතික පාරිසරික පනතට අනුව නීතිමය ක්රිුයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ප්ලාසිටික් ද්‍රව්‍ය හඳුනාගැනීමේ ප්‍රමිති සලකුණු පහතින් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *