සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා

සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා

සාක්කු පුරවන්න බැරිව අංක එකේ PCR යන්ත්‍රය ගුවන්තොටේ තනිවෙලා

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ PCR පරීක්ෂණ සඳහා රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් චෝදනා කරයි.

ගුවන්තොටුපොළ PCR රසායනාගාරය වැසී යන්නට සලස්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගජ මිතුරන්ගේ ආදායම තර කරමින් සිටින බවටද හෙතෙම චෝදනා කරයි.

ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ PCR රසායනාගාරයක් ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීම වුවද, සංචාරකයන් ගෙන්වීමේදී හෝ ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව, ගුවන් මගීන්ගේ එකදු PCR පරීක්ෂණයක් හෝ ගුවන්තොටුපොළ රසායනාගාරයට යොමු කර නොමැති බව හෙතෙම පවසයි.

අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ සහ විශේෂඥයන්ගේ තාවකාලික සේවා ස්ථානවලට වාසි සලසමින්, ගුවන් මගීන්ගේ සියලු PCR පරීක්ෂණ පෞද්ගලික අංශයේ රසායනාගාරයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසයි.

ඒ සඳහා පූර්ව පියවරක් ලෙස ගුවන්තොටුපොළ තුළ PCR නිදර්ශක ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යොදවන ලද කාර්ය මණ්ඩලය, ගුවන්තොටුපොළ විවෘත කිරීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ අංක එකේ PCR රසායනාගාරය ලෙස කටයුතු කරනු ලබන්නේ ගුවන්තොටුපොළ

රසායනාගාරය වන අතර, එහි ධාරිතාව PCR පරීක්ෂණ 4,500ක් පමණ වන බවත් පැය එකහමාරක පමණ කෙටි කාලයකින් PCR පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ හැකියාව පවතින අතර, ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වාර්තාවක් ලබාදීමේ හැකියාව ඇති රසායනාගාරය වන්නේද එම රසායනාගාරය පමණක් බවත් එම තත්ත්වයන්ට කිසිසේත් සමාන කළ නොහැකි රසායනාගාර වෙත PCR පරීක්ෂණ යොමු කිරීම මඟින් රජයට
ඉපයිය හැකි විශාල ආදායමක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අතට පත් කිරීම බරපතළ අත්වැරැද්දක් බවත් ජනාධිපතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වටහා ගත යුතු බවත් හෙතෙම පවසයි.

ගුවන් මගීන්ගෙන් සහ සංචාරකයන්ගෙන් දැනට පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක පමණ මුදලක් අය කරන අතර ඔවුන් PCR පරීක්ෂණ දෙකක් හෝ හතරක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත් මේ මුදල පමණක් රජයට හෝ ගුවන්තොටුපොළට අයකර ගනු ලබන්නේ නම්, එමඟින් සමස්ත PCR රසායනාගාරය නඩත්තු කළ හැකිව තිබියදී, ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ ව්‍යාපාර නඩත්තු කිරීම
සඳහා වසංගතය භාවිත කිරීම බරපතළ තත්ත්වයක් බවද හෙතෙම තවදුරටත් පවසයි.

-සවනි ශේෂාධි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *