මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ…

මෙරටෙහි මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට රජය අනුමැතිය ලබා දිය යුතු යැයි ඉල්ලා මුස්ලිම් වාමාංශික පෙරමුණේ සාමාජිකයින් අඟහරුවාදා දින(26) උද්ඝෝෂණයක නිරත වී තිබේ.
එම උද්ඝෝෂණය ශ්‍රී ලංකාවෙහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය ඉදිරිපිටදී පැවතිණි.
මෙම තත්ත්වය තුළ , උද්ඝෝෂණයෙහි නිරත වූ අය මේ සම්බන්ධයෙන් පෙත්සමක් ද එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට භාර දී ඇත.