මිනිසුන්ට පමණක් නොව සත්තුන්ටත් ශ්‍රී ලංකාවේ ජීවත් විය නොහැකි තත්වයක්

මිනිසුන්ට පමණක් නොව සත්තුන්ටත් ශ්‍රී ලංකාවේ ජීවත් විය නොහැකි තත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාජා කලෛයරසන්

මිනිසුන්ට පමණක් නොව සත්තුන්ටත් ශ්‍රී ලංකාවේ ජීවත් විය නොහැකි තත්වයක් පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාජා කලෛයරසන්

ලොව පුරා රටවල් කොරෝනා වසංගතය තුරන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දිවා රෑ වෙහෙස මහන්සි වී සිටින මොහොතක, ශ්‍රී ලංකා රජය පමණක් උතුරු නැගෙනහිර දෙමළ ජනයා මර්දනය කරමින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කරගන්නේ කෙසේදැයි බලමින් නැගෙනහිරින් ඉඩම් ආක්‍රමණය කිරීම පටන්ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තවරාජා කලෛයරසන් කියා සිටියේය.

26 වන දින තිරුකොවිල් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර පැකට් බෙදා හැරීමේ උත්සවය අතරතුර රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මේ බව කියා සිටියේය. ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

මේ රජයේ ස්ථාවරය දෙස බලන විට දෙමළ ජනතාවට මේ රටේ ජීවත් විය හැකිද යන්න සැක සහිතය. මෙම ක්‍රියාකාරකම් රට තුළ යහපත් පරිසරයක් නිර්මාණය කිරීමේ ක්‍රමයක් නොවේ. ඒ වෙනුවට රජය කටයුතු කරමින් සිටින්නේ දෙමළ ඉඩම් අත්පත් කර ගැනීම සහ දෙමළ ජනයා ඔවුන්ගේ ගම්බිම් වලින් නෙරපා හැරීම පිළිබඳ සැලැස්මක් මත ය. මේවා නැවැත්විය යුතුය.

වසර හැටකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ කිව නොහැකි දේවල් අත්විඳින දෙමළ ජනයාගේ ඉඩකඩම්, නිවෙස් වලින් ඉවත් කර දේවස්ථාන අත්පත් කර ගැනීම් සඳහා උත්සාහයන් ද සිදුවෙමින් පවතී.

අද මිනිසුන්ට පමණක් නොව සත්තුන්ට ද ලංකාවේ ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවී ඇත. ගවයින්, විශේෂයෙන් මඩකලපුවේ මයිලතමඩු තණබිම්වල තණ උලා කන්න ගිය සතුන් මෑත කාලවලදී නිර්දය ලෙස මරා දමන වැඩේ සිදුවෙමින් පවති. මේ අනුව අරාජික රාජ්‍යය නිර්දය ලෙස ක්‍රියා කරයි.

දැනට දේශපාලන පසුබෑමකට ලක්ව සිටින මෙම රජය සිංහලයන් අතර දෙමළ ජනතාවට අපේ රජය මෙලෙස කරන බව පවසමින් බහුතර ප්‍රජාව අතර සහයෝගය වැඩි කිරීමට උත්සාහ කරන්නේද යන ප්‍රශ්නය පැන නගී.

මේ ආණ්ඩුව එවැනි දේ නතර කර ජනතාවගේ සමානාත්මතාවය වෙනුවෙන් එකට වැඩ කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දැක තිබේ. මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් රටේ නරකම තත්වය ඇති වනු ඇතැයි ඔහු පැවසීය.

– tamil.adaderana.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *