“කොරෝනා මරණ ආදාහනයට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැත” : UNHRC නිවේදනයට රජයේ ප්‍රතිචාරය

"කොරෝනා මරණ ආදාහනයට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැත" : UNHRC නිවේදනයට රජයේ ප්‍රතිචාරය
කොරෝනා මරණ ආදාහනයට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, කොරෝනා මරණවල අවසන් කටයුතු සිදුකිරීම, මෙරට සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් මත පමණක් සිදුකිරීමට රජය පියවර ගන්නා බවය.
කොරෝනා මරණවල අවසන් කටයුතු සිදු කිරීමේදී සෞඛ්‍ය අංශ ලබා දෙන ක්‍රමවේදයෙක් බැහැරව රජය කිසිවිටක කටයුතු නොකරන බවත්, හිතුවක්කාර ලෙස ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට රජයට අවශ්‍ය නොවන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
කොරෝනා මරණ ආදාහනය හා භූමදානය කිරීම අදාළ රටවල් මගින් තීරණය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඒ අනුව, මෙරට සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් සැලකිල්ලට ගනිමින් රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබුණේ කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කළ යුතු බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළේය.