අපි බුදුන්ට විරුද්ධ අය නොවෙයි, අපිව ආක්‍රමණය කිරීමට බුදුන්වම පාවිච්චි කරන එකට විරුද්ධයි – සිවාජිලිංගම්

ජාතික ගැටලුවට ස්වයං තීරණ අයිතිය සහිත විසඳුමක් ලබා දිය යුතුයි - කේ. සිවාජීලිංගම්

ජාතික ගැටලුවට ස්වයං තීරණ අයිතිය සහිත විසඳුමක් ලබා දිය යුතුයි - කේ. සිවාජීලිංගම්

“සිවිල් ඇඳුමින් ආ හමුදාවේ අය නිලාවරහි කාණු කැපූ බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම් එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කර සිටියේය.”

යාපනය මාධ්‍ය සමාජය සිදු කළ මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
ශ්‍රී ලංකා රජය එකදිගටම සිදු කළ ඉඩම් අත්පත් කර ගැනීම් මගින් මෙය සිංහල බෞද්ධ රටක් බව පෙන්වීමට උත්සාහ කරනවා. ඒ පමණක් නොවෙයි, ආගමික සිද්ධස්ථාන ලක්ෂණයන් විනාශ කරමින් බෞද්ධ සලකුණූ අළුතින් ඇති කරමින් යන වාතාවරණයක් අපි දකිනවා.

එයට විරුද්ධව අප දෙමළ පාර්ශවයන්ගෙන් දැඩිව විරෝධය පෑමට කිසිදු සංවිධානයක් නොමැති වීම ලොකු අඩුපාඩුවක්.

මඩකලපුව දිස්ත්‍රික්කයේ උලා කන තණබිම්, ත්‍රිකුණාමලය කි කින්නියා උණු දිය උල්පත් පිළිබඳ ප්‍රශ්නය ඒ වගේම ත්‍රිකුණාමලය මායිම් ගම්මාණයක් වන තෙන්නෛමරවාඩි යන ගමෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වශයෙන් සිදුකරන යනාදී ප්‍රශ්න බොහෝමයක් වගේම වවුනියා, මන්නාරම යන තැන්වලද ප්‍රශ්න පවතිනවා.

අපි නැවත නැවතත් දකුණේ අයට කියන්න කැමති, අපි බුදුන්ට විරුද්ධ අය නොවෙයි. රජකම ඇතුළු සියල්ල අත්හැර බුදු වූ බුදුන්ගේ දේශනාවන් පිළිනොපැඳ ඒ බුදුන්වම අපිව ආක්‍රමණය කිරීමට පාවිච්චි කරන නිසා තමයි අපි විරුද්ධ වන්නේ. අපිට ආගමික අන්තවාදයක් නැහැ. බෞද්ධ සිංහල කියාගන්නා න්‍යාය පත්‍රයකට අනුව අපිව ආක්‍රමණය කිරීමට උත්සාහ කරන නිසා තමයි අපි විරුද්ධ.

තැන් බොහෝමයක් ආක්‍රමණය කරමින් යාපනය නිලාවරෛ වලටද ඇවිත් හාරන්න පටන් අරන්. සිවිල් ඇඳුමින් සිටි හමුදා නිලධාරීන් හතර දෙනෙක් තමයි ඇවිත් හාරන්න පටන් අරන් තියෙන්නේ. ඒ අයට එතැන තියෙන වැඩේ මොකක්ද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයන් නම් තවත් කමක් නැහැ. ඊට පස්සේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයන් වැඩේ භාරාගෙන තියෙන්නේ. තණ කොළ කැපීමට නම් මොකටද ඉතා ගැඹුරට කාණූ? එයින් පිටතට ගත් පස් ගොඩ ගහල තිබුණා. ඒ තුළ මොකක්හරි ගෙනවිත් වැළලුවාද දන්නේ නෑ. බොහෝ විට තවත් දවස් කිහිපයකින් බුදු පිළිමයක් හරි වෙන මොකක් හරි ඒ ඇතුළෙන් ගොඩ එන්න ඉඩ තියෙනවා. මේ ලෙසම දකුණේ තැන් බොහෝමයක සිදු වී ඇති බව ඔහු මාධ්‍යට පවසා සිටියේය.

-yalexpress

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *