විල්පත්තු පරිවාර රක්ෂිත යළි වැවීමට කෝටි 121ක් ගෙවන්නැයි රිෂාඩ් බදියුදීන්ට ත්‍රිපුද්ගල කමිටුවෙන් නිර්දේශ

අභියාචනාධිකරණ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අභියාචනාධිකරණ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

විල්පත්තු පරිවාර රක්ෂිතයේ නැවත වන වගාවක් සඳහා රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගෙවිය යුතු බව වන විනාශය සම්බන්ධයෙන් සොයා බලන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කළ වන විනාශය හේතුවෙන් මේ මුදල ගෙවිය යුතු වන බවට එම කමිටුව නිර්දේශ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් විනාශය සම්බන්ධයෙන් සොයා බලන ත්‍රිපුද්ගල කමිටුව නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමු කර ඇත.

විල්පත්තු පරිවාර රක්ෂිත යළි වැවීමට කෝටි 121ක් ගෙවන්නැයි නිර්දේශ කරමින් රිෂාඩ් බදියුදීන් මහතාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත කමිටු වාර්තාව යොමු කර ඇති බවත්, එම මුදලින් හෙක්ටයාර 825ක භූමි ප්‍රමාණයක් නැවත වගා කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ. පරිසර යුක්ති කේන්ද්‍රය විල්පත්තු වන සංහාරයට එරෙහිව 2015දී අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර, විල්පත්තු රක්ෂිත වනාන්තරයට උතුරින් පිහිටි කල්ලාරු, මරිච්චිකට්ටි, විලත්තියකුලම් රක්ෂිත වනාන්තරයේ අක්කර 2,388ක ප්‍රදේශයක් විනාශකර ඇති බවත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුව ඇති බවත්, එහි සඳහන් කර තිබූ අතර, අදාළ එළි කිරීම නීතිවිරෝධී බවත් තීන්දුකර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර, පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචණාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වසර 5කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2020 නොවැම්බර් 16 වැනි දා අභියාචනාධිකරණය කියා සිටියේ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවය.

එමෙන්ම එළි පෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ සඳහන් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *