ජනතාව තම ප්‍රශ්න සමග පාරට බැසූ, උද්ඝෝෂණ තුනක්

ජනතාව තම ප්‍රශ්න සමග පාරට බැසූ, උද්ඝෝෂණ තුනක්

ජනතාව තම ප්‍රශ්න සමග පාරට බැසූ, උද්ඝෝෂණ තුනක්

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000ක් කරන්නැයි විරෝධතාවක්

වතු කම්කරු මධ්‍යස්ථානය හා ලංකා වැවිලි සේවා සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් (21) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් කරන ලෙස රජයට බලකිරීම මෙම විරෝධතාවයේ අරමුණ විය.
උද්ඝෝෂණයට සහභාගී වූවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පාගමන ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ, කළු කොඩි ප්‍රදර්ශනය කරමින් එහි සිට විරෝධය පළ කළහ.

කොළඹ වරායේ පිවිසුම් දොරටුව අසළ උද්ඝෝෂණයක්

කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියානු ‘අදානි’ සමාගමට බදුදීමට රජය ගෙන ඇති තීරණය වහාම අකුලා ගන්න යැයි පවසමින් වරාය වෘත්තීය සමිති එකමුතුව ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට (22) පැවැත්විණි.

‘ජාතියේ හදවත දෙපළු නොකරනු – ඩොලර් මැෂිම රැකගමු’ යන තේමාව යටතේ මෙය පැවැත්වූ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, විවිධ අංශයන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම උද්ගෝෂණය සඳහා සහභාගී වූ අතර දැඩි පොලිස් රැකවල් ද මේ වෙනුවෙන් යොදවා තිබෙන අයුරු දැකගත හැකි විය.

නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සහ කළමනාකරණය කිරීමේ දැනුම, හැකියාව මෙන්ම සියලු අත්දැකීම් වරාය සේවකයින් සතුවන අතර ඒ වගකීම් සියල්ල ඔවුනටම භාරදීමට රජය වහාම කටයුතු කලයුතු බවත් ඉන්දියානු සමාගමට මෙම පර්යන්තය බදුදීමට එරෙහිව මුළු රටේම ජනතාව පෙළගැස්සීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බව වරාය වෘත්තීය සමිති එකමුතුවේ ක්‍රියාකාරීහු මෙහිදී පැවසුහ.

සරසවි වරම් අහිමි සිසුහු තංගල්ලේදී විරෝධතාවක

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේදී පැරණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමෙහි අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් (22) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු – ජන ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

කඩඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි කී ඔවුහු තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ.

-LD

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *