පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවේ සංචාරයකට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක්
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වන බව ‘එක් මාවතක් – එක් තීරයක්’ චීන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා ට්විටර් ගිණුම වාර්තා කර තිබේ.
නිල මූලාශ්‍ර උපුටා දක්වන එම ට්විටර් පණිවිඩයේ සඳහන්ව ඇත්තේ පෙබරවාරි මාසයේදී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට සූදානම්වන බවයි.
‘එක් මාවතක් – එක් තීරයක්’ චීන ව්‍යාපෘතිය යටතේ චීනය හා පකිස්ථානය අතර ආර්ථික කොරිඩෝවක් සකස් කිරීමේ ව්‍යපෘතියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.
ගුවනින්, දුම්රියෙන් සහ ගොඩබිම් මාර්ගයෙන් දෙරට යාකරමින් කෙරෙන මේ ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඩොලර් බිලියන 68 ක් පමණ වේ.
චීන – පකිස්ථාන ඒකාබද්ධ කර්මාන්ත, ආයෝජන ඇතුළු ව්‍යාපෘති ගණනාවක් මේ වනවිටත් ආරම්භ වී ඇත්තේ මේ ව්‍යාපෘතියට සමගාමීවයි.