ක්‍රමවත් නීති සම්පාදනයක් නොකිරීමෙන් අවංක දේශපාලකයා දඩුවම් ලැබ සිටිනවා – එම්.ඒ. සුමන්දිරන්

රන්ජන් රාමනායක- එම්.ඒ. සුමන්දිරන්

රන්ජන් රාමනායක- එම්.ඒ. සුමන්දිරන්

“රන්ජන් රාමනායක පිළිබඳ වූ සිදුවීම අධීකරණය හෑල්ලුවට ලක්කිරීම පිළිබඳව වන කාරණයේදී ක්‍රමවත් නීති සම්පාදනයක් සිදු නොවු හේතුවෙන් අවංක දේශපාලකයෙක් දඩුවම් ලැබ සිටිනවා.”

“සාමාන්‍ය දේශීය නීති මෙම කාරණය සම්බන්ධයෙන් සම්පාදනය නොකළ බැවින්ද මෙවැනි ප්‍රකාශ ඉංග්‍රීසි නීතියෙහි අධිකරණ අපහාසයක් ලෙස නොගනින එකක් ලෙස නොසැලකූ නිසාම මෙවැනි තීන්දුවක් ලබා දී තිබීම වැරදි ආදර්ශයක්” බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුවෙහි ප්‍රකාශ කර සිටියේය.

අගහරුවාදා (19) දින විරුද්ධ පක්ෂ සාමාජික රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට නොකැඳවීම පිළිබඳව කථානායකගෙන් ප්‍රශ්න කළ මොහතේ රීති ප්‍රශ්නයක් යොමු කළ සුමන්දිරන් මේ බව සඳහන් කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *