රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන නීතිපති සිය මතය පාර්ලිමේන්තුවට දන්වයි !

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන නීතිපති සිය මතය පාර්ලිමේන්තුවට දන්වයි !

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන නීතිපති සිය මතය පාර්ලිමේන්තුවට දන්වයි !

වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් හිමි වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය මේ වනවිට පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි නීතිපතිවරයාගේ නිගමනය වන්නේ. රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ටාධිකරණය මගින් අදාල දඬුවම නියම කර ඇති හෙයින් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද අහිමි වේ.

කෙසේ නමුත් සමගි ජන බලවේගය, ඊට සම්බන්ධ නීතිවේදීන් පවසන්නේ රන්ජන් රාමනායක මහතාට ලැබුණු දඬුවමට එරෙහිව නැවත ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යා හැකි බවයි. එසේම අදාල දඬුවම හේතුවෙන් මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවටද නීති තර්ක ඉදිරිපත් කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *