“මාස දෙකක බිලිදෙක් පුච්චලා, කුඩා දරුවෙකුගේ සිරුරක් ආදාහනය කරන්නට තරම් මේ රටේ ජාතිවාදය රජයන්නේ ද?” – වැලිගම නගරාධිපති
කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති, මාස දෙකක් වයසැති තවත් බිළිදෙකු ඊයේ දිනයේ දී ආදාහනයට යොමු කර ඇති බව වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්රම සඳහන් කරයි.
ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තම හද කම්පා කරන පුවතක් බවය. එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම ගැන තමන් කණගාටුවන බවද එම පණිවිඩයේ දැක්වෙයි.
තමන් වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් බිළිදු මළ සිරුර භූමදානය කිරීමට අවසර ලබා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ද සදහන් කරයි.
It was heartbreaking that a 2 month old #infant was #forcecremated in Weligama yesterday. The worse part was that I could not do anything about it.After extensive discussions with the OIC of the Weligama Police, I was told that there is no way a burial could be allowed.
— Rehaan Jayawickreme (RJ) – රෙහාන් ජයවික්රම (@RehanJayawick) January 16, 2021
ඔහු ඊයේ දිනයේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මෙලෙස පවසා සිටියා, ඔහු තැබූ සම්පූර්ණ පහත පරිදි වේ,