Dogstar : ශ්‍රී ලංකාවේ වෙසෙන බ්‍රිතාන්‍ය කාන්තාවට ලැබූ ඉහළම පදක්කම!

Dogstar Sri lanka - samantha green
ශ්‍රී ලංකාවේ වෙසෙන බ්‍රිතාන්‍ය පුරවැසි කතකට සත්ව සුභසාධන සේවාව සඳහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය (British Empire) පදක්කම පිරිණමා ඇත.
Dogstar පදනමේ ප්‍රධාන විධායක නිලධාරී සමන්තා ග්‍රීන් මහත්මිය සත්ව සුභ සාධනය වෙනුවෙන් කළ සේවයට මෙම පදක්කම පිරිණමා ඇත. දේශීය සුනඛයන් බොහෝමයකට පරපෝෂිත උවදුර ඇති බව දුටු ඇය 2005 දී ශ්‍රී ලංකාවේ සිය සේවාව ආරම්භ කළාය.

එයට අමතරව ඇය, වීදී සුනඛයන් සහ බළලුන් සඳහා ප්‍රකට උපත් පාලන ක්‍රමයක්ද ඇති කළාය. මෙම ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ ජංගම උපත් පාලන සායනයක් දියත් කර ඇත. එහිදී සතුන් සඳහා ජලභීතිකා එන්නතද සපයනු ලබයි. ඒ අනුව දැනට ඇය තම සැමියා හා එක්ව Dogstar පදනම යටතේ සතුන් 49000 කට වඩා ප්‍රතිකාර කර ඇති අතර 67000 කට වඩා ජලභීතකිකා එන්නත ලබා දී ඇත.
Dogstar පදනම මගින් මෙරට දේශීය ප්‍රජා සේවකයන්ට අවශ්‍ය පුහුණුවද සපයමින් ජලභීතිකාව මුලිනුපුටා දැමීමට මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ට සහාය දක්වමින්, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමග කටයුතු කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සමන්තා ග්‍රීන්,
“මා විසින් සත්ව සුභසාධනයට උනන්දුවක් දක්වන පුළුල් කණ්ඩායමක කොටසක් ලෙස මා කරන සේවය අගය කිරීම ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි“