එජාපයේ තනතුරු වෙනස් වෙයි – නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

සජබයට සහය දැක්වූ එජාපයේ 65ක් නෙරපීමට තීරණයක්
එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ නව වෙනසක් අද සිදු කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.
පක්ෂ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතායි.
එමෙන්ම මෙතෙක් කලක් පක්ෂයේ මහා ලේකම් ධුරය හෙබවූ අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ නව උපනායකයා ලෙස පත් කර තිබෙනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබෙනවා.