දිවයිනට ඇතුළු වන දෙස්,විදෙස් සියලු ගුවන් මගීන් පූර්ව අනුමැතියක් ලබා ගත යුතුයි – සිවිල් ගුවන් සේවා අධිකාරිය

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

වසරේ මේ දක්වා කාලයේ දී ලාංකිකයින් 150,000ක් රටින් පිටත් වෙලා

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට ඇතුළු වන දේශීය සහ විදේශීය (Sri Lankan passport holders and Foreign Passport Holders) සියලු ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ අදාළ රටේ තානාපති කාර්යාලයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

එවැනි අනුමත කිරීම් ඍජුවම සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) වෙත යොමු කෙරෙන අතර, එහි අනුමැතිය මත මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අදාළ ගුවන් සමාගම් වෙත දැනුම් දෙනු ලැබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් 2021 ජනවාරි 6 වන දින සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන මගීන්ට අනුමැතිය ලබා දීම සඳහා විශේෂිත ඊමේල් ලිපිනයක් ද හදුන්වා දී ඇත

දිවයිනට පැමිණිමට අපේක්ෂා කරන ගුවන් මගීන් ඔවුන් ලබා ගත් පූර්ව අනුමැතිය පිළිබඳ තොරතුරු [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත යොමු කළ හැකිය.

වෙනත් කිසිදු විද්‍යුත් ලිපිනයක් වෙත ඊමේල් යොමු නොකරන ලෙස ද දන්වා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *