Type to search

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මුහුණුපොතේ පළ වූ සටහනක් නිසා හරීන් තවත් බය වේ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මුහුණුපොතෙහි ජනපතිතුමාගේ අදහස (අම්පාර – උහන ප්‍රකාශය) ස්ථිර කරන්නාක් මෙන් සටහනක් පළ කර ඇති අතර, ශ්‍රී ලංකාව කුමන දිශාවකට ගමන් කරන්නේද යන්න තම සිතට භියක් ඇති කරවන්නාක් මෙන් යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.

තම ට්විටර් ගිණුමෙහි සටහනක් පළ කර ඇති හරීන් ප්‍රනාන්දු මහතා, මෙම මුහුණුපොතෙහි තැබූ සටහන පිළිබඳව දේශීය පොලිස් කොමිසම අවධානය යොමු කර ඇති බව තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කර ඇත.

ජනපතිතුමාගේ අම්පාර – උහන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනතාව අමතා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් ප්‍රකාශ කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා,

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කර ඇති පසුබිමක, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමාජ ජාලා තුළින් මේ ආකාරයට මෙලෙස ජනාධිපතිතුමාගේ අදහස ස්ථිර කරමින් අදහස් දැක්වීම අවධානය යොමු කළ යුතු කරුණකි.

ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය සහ ඒ පිළිබඳ පොලිස්පති වෙත යොමු කළ ලිපියට ඊයේ දින සවස 6.30 දක්වා පොලිස් දෙපාර්තමේන්තුව විසින් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *