(video) මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩ කරන්නේ – ජාතික භික්ෂු පෙරමුණ

මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩ කරන්නේ – ජාතික භික්ෂු පෙරමුණ

මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩ කරන්නේ – ජාතික භික්ෂු පෙරමුණ

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහාම දරදිය ඇදපු, පෙරගමන් ගියපු, පසුගමන් ගියපු, ආවඩා අයුබෝ කියපු අයගෙන්ම ආණ්ඩුවට එල්ලවන විරෝධය එන්න එන්නම වැඩිවෙමින් පවතින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

ජාතික භික්ෂු පෙරමුණ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් (11) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. වරාය ඇතුළු රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළකිරීමට කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදිත හිමියන්.

“ගෝඨාභය මහත්තයා බලයට පත්වෙන්න පෙර ඡන්දේ ඉල්ලනකොටත් අපි ජනතාවට කිව්වා ඔහු බලයට පත්වුණාට ජනතාව බලාපොරොත්තු වෙන දේවල් සිදු වෙන්නේ නෑ කියලා. හැබැයි ජනතාව අපි කියන දේ අහන්නේ නැතිව ඔවුන්ට හිතෙන දේ කළා. එදා අපි කියපු දේ වැරදියි කියපු අයටම අද සිද්ධ වෙලා තියෙනවා අපි කියපු දේම ඔවුන්ගේ වචනයෙන් කියන්න.මේ ආණ්ඩුව ජාතික සම්පත් විකිණීමට විරුද්ධව අද ඇල්ලේ හාමුදුරුවො බොහොම සැරට ආණ්ඩුවට කියනවා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියනවා ආණ්ඩුවක් තියනවා කියලා අපි දන්නව හැබැයි අපි ඉන්නවා කියලා ආණ්ඩුව දන්නේ නෑ කියලා. මාගල්කන්දේ හාමුදුරුවෝ අභයතිස්ස හාමුදුරුවො දැන් ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන තැනට පත්වෙලා. ඒ නිසා අපි කියන්නේ මේ කොළඹ වරයා කියන්නේ සුරභිදෙනක්. මේ ආණ්ඩුව හරියට වැදූ අම්මා විකුණගෙන කන ජාතියේ වැඩකරන්නේ. භික්ෂූන් වහන්සේගේ වගකීම තමයි ජනතාව අනතුරක වැටෙනකොට ඒක පෙන්වා දීලා එයින් ගලවා ගන්න එක. ජාතික භික්ෂු පෙරමුණ ඒ කාර්ය කරන්න සූදානම්.” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික නාගස්තැන්නේ අරුණ හිමියන්ද අදහස් දැක්වීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *