වතු කම්කරුවන්ට 1,000ක දෛනික වැටුපක් ලබා දීමට නොහැකි වුවහොත් සියලු ගිවිසුම් වලින් ඉවත්වෙනවා

ගිවිසුමෙන් ඉවත්වෙන්න
වතු කම්කරුවන්ට රුපියල් 1,000ක මූලික දෛනික වැටුපක් ලබා දීමට නොහැකි වුවහොත් සියලු වෘත්තීය සමිතිවලට සාමූහික ගිවිසුමෙන් ඉවත් වන ලෙස අවධාරණය කර ඇති අතර, පසුව සියල්ලෝම එක්ව සටන් කළ හැකි බව ජාතික කම්කරු සන්ධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගාම්බරම් පවසා ඇත.
වතු කම්කරුවන් සඳහා රුපියල් 1,000ක මූලික වැටුපක් ඉල්ලා හැටන් ජැස්මින් හන්දියේ පැවති රැලියක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.
වතු කම්කරුවන්ට මූලික දෛනික වැටුප රුපියල් 1,000ක් ගෙවීමේ පොරොන්දුව ඉටු කළ යුතු බවත්, සාකච්ඡා දිගටම කරගෙන යා යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.
මූලික දෛනික වැටුප ලෙස රුපියල් 1000 ලබා නොදුන්නේ නම් අත්සන් නොතබන බව වඩිවෙල් සුරේෂ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා ඇත. ඔහුගේ නිවේදනය අපි සාදරයෙන් පිළිගනිමු. වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා මෙන් රුපියල් 1000 ක මූලික වැටුප නොගෙවන්නේ නම් අනෙකුත් වෘත්තීය සමිතිද සාමූහික ගිවිසුමෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිගාම්බරම් තවදුරටත් ඉල්ලා සිටියේය.