Type to search

විදෙස් රටවල සිට පැමිණෙන ලාංකිකයන් බලහත්කාරයෙන් හෝටල්වල නිරෝධායනයට ලක් කරන පුවත අසත්‍යයක් – යුධ හමුදාපති

Share

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බලහත්කාරයෙන් හෝටල්වල නිරෝධායනයට ලක් කරන බවට සමාජ මාධ්‍යවල පැතිරෙන පුවත අසත්‍යය බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

විදේශයන්හි සිට පැමිණෙන සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නේවාසිකව රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවද යුධ හමුදාපති මෙහිදී පැවසීය.

කෙසේ වෙතත්, හෝටල්වල නිරෝධායනය වීමට කැමති අයට පමණක් මුදල් ගෙවා නිරෝධායනය වීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බවද යුධ හමුදාපති තව දුරටත් ප්‍රකාශ කළේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *