Type to search

මාවනැල්ල බුදු පිළිමයට ගැහුවේ ප්‍රියන්ත සම්පත් කුමාර නම් කුඩුකාරයෙක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මාවනැල්ල ඉඹුල ප්‍රදේශයේ පසුගිය 28 වනදා රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක් නමැති අයෙක් බව ඒ මහතා කීය.

“අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක්. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට වාර්තා වෙනවා. සැකකරු මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පත්වී ඇති අයෙක්. ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60ක පමණ මුදලක් ඔහු ලබාගත් බවටත් වාර්තා වී තිබෙනවා,” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *