දවසක ණය ගෙවීම කෝටි 580යි, නිල විදේශ සංචිත ප‍්‍රමාණය මෙන් දස ගුණය දක්වා විදේශ ණය ඉහළට

දවසක ණය ගෙවීම කෝටි 580යි, නිල විදේශ සංචිත ප‍්‍රමාණය මෙන් දස ගුණය දක්වා විදේශ ණය ඉහළට

දවසක ණය ගෙවීම කෝටි 580යි, නිල විදේශ සංචිත ප‍්‍රමාණය මෙන් දස ගුණය දක්වා විදේශ ණය ඉහළට

උදාවූ මෙම වසරේදී දිනක ණය වාරික හා පොලී ගෙවීම රුපියල් කෝටි 580ක් වන අතර ඇස්තමේන්තු කර තිබෙන පරිදි රජයේ ආදායම් ලබාගත හොත් දිනකට උපයාගත හැකි ආදායම රුපියල් කෝටි 546කි.

මේ අනුව රජය දිනකදී උපයා ගන්නා ආදායමට අමතරව සෑම දිනක් පාසාම රුපියල් කෝටි 34ක අමතර ණය මුදලක් ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් ගැනීමට සිදුවී ඇත. ශ්‍රී ලංකා මුහුණ දී සිටින අතිශය බිහිසුනුම ණය උගුලේ තරම මෙයින් පැහැදිලි වේ.

දිනක ණය පොලී ගෙවීමට රුපියල් කෝටි 236කට ආසන්න මුදලක් වැය වන අතර, දිනක ණය වාරික ගෙවීමට රුපියල් කෝටි 344ක් වැය කිරීමට සිදුවී ඇත. වසරේ ගෙවිය යුතු මුළු ණය පොලී ඇස්තමේන්තුව රුපියල් කෝටි 86,000කි. එමෙන්ම ණය වාරික වශයෙන් රුපියල් කෝටි 125,700ක් ගෙවීමට සිදුවී ඇත. නමුත් අපේක්ෂිත රජයේ මළු ආදායම රුපියල් කෝටි 199,400කි.

පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ සංචිත යොදා ගනිමින් ඩොලර් කෝටි 100ක ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවීමත් සමග රටේ සංචිත ප‍්‍රමාණය ඩොලර් කෝටි 550 දක්වා පහත වැටිණි.

මේ අතර පසුගිය 2019 වසර අවසන් වන විට මෙරට මුළු විදේශීය ණය බර ඩොලර් කෝටි 5592ක් වී තිබිණි. මේ අනුව විදේශ සංචිත මෙන් දස ගුණයක විදේශීය ණය බරක් තිබීම ප‍්‍රධාන පදනමක් කර ගනිමින් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාව ණය අවදානම ඉතා අධික රටක් වශයෙන් නම් කරනු ලැබීය.

පසුගිය 2020 වර්ෂය තුළ ලබාගෙන තිබෙන විදේශීය ණය ප‍්‍රමාණය කොපමණදැයි මේ වන විට නිල වශයෙන් හෙළිවී නැත. එම ණය ප‍්‍රමාණයද එක් වූ විට නිල සංචිත මෙන් විදේශ ණය බරක් තවත් ඉහළ යනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *