භුමදානය ගැන විද්‍යාත්මක පදනමට එහා ගිය කරුණු සම්බන්ධ බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැක – මහාචාර්ය නීලිකා මලවිගේ

භුමදානය ගැන විද්‍යාත්මක පදනමට එහා ගිය කරුණු සම්බන්ධ බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි – මහාචාර්ය නීලිකා මලවිගේ

භුමදානය ගැන විද්‍යාත්මක පදනමට එහා ගිය කරුණු සම්බන්ධ බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ දෙවන විශේෂඥ කමිටුවේ සාමාජිකාවක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේගෙන් ජනවාරි 01 දින පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් භූමදානය සම්බන්ධයෙන් අදහස් විමසනු ලැබුවා.

එහිදී මහචාර්ය නිලීකා මලවිගේ සඳහන් කර සිටියේ අදාළ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී ඇති බවයි. ඒ අනුව, මීට අදාළ අවසන් තීරණය රජය විසින් ගනු ඇති බව ඇය පෙන්වා දුන්නා. එහිදී මාධ්‍යවේදියෙකු ඇයගෙන් විමසා සිටියේ මහාචාර්යවරියක ලෙස භූමදානය සම්බන්ධයෙන් ඇයගේ අදහස කුමක්ද යන්නයි. ඊට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියේ එම කරුණ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමට එහා ගිය කරුණු සම්බන්ධ බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇති පරිදි භූමදානය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ දෙවැනි කමිටුවේ නිර්දේශය වී ඇත්තේ භූමදානය කිරීමට අවසර දිය හැකි බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මුල දී පත් කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික විශේෂඥ කමිටුව තවමත් පෙර ස්ථාවරය වන ආදාහනය පමණක් කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දන්වා තිබෙනවා. කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි දෙවන කමිටුවේ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍ය පවිතා වන්නිආරච්චි වෙත ලැබුණු පසු පළමු කමිටුව සහ දෙවැනි කමිටුව එකවර සාකච්ඡාවකට කැඳවා තිබූ අතර එහිදී දෙපාර්ශවය අතර උණුසුම් සංවාදයක් ඇති වී තිබෙනවා.

එහිදී ඇතැම් කරුණු සඳහා කමිටු දෙකෙහිම සාමාජිකයින් එකඟ වුවද බොහෝ කරුණු සම්බන්ධයෙන් කමිටු දෙකේ සාමාජිකයින් අදහස් පරස්පර වී ඇති බව ද වාර්තාවනවා. ඒ අනුව අදාළ සාකච්ඡාව අවසන් තීරණයකින් තොරව අවසන් වී තිබෙන අතර අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බව වාර්තා වනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ එක් අංශයක් විසින් භූමදානයට අවසර දෙන්නේ නම් එය කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බව ද වාර්තා වන අතර යම් හෙයකින් භූමදානය සඳහා අවසර දෙන්නේ නම් එම මාර්ගෝපදේශ මාලාව සූදානම් කර තැබීම එහි අරමුණ බව ද වාර්තා වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *