පැණියේ හිරවෙලා ඉන්නේ නැතුව වහාම එන්නත ආනයනය කරන්න – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

පැණියේ හිරවෙලා ඉන්නේ නැතුව වහාම එන්නත ආනයනය කරන්න - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහ‍ා දේවාලයක පූජකයෙකු යැයි කියා ගන්නා අයකුගේ පැණි බෙහෙතේ සිර නොවී රජය හැකි ඉක්මනට එන්නත් කරන ඖෂධය ආනයනය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, කොළඹදී මාධ්‍යෙව්දීන්ට අදහස් දක්වමින් මේ බව පවසා ඇත.

ඔහු තවදුරටත් කරුණු දක්වමින්,

අප විසින් කළ යුතු වැඩ පසෙකට දමා නොකළ යුතු වැඩවල සිරවී සිටින එක තමයි දැන් සිදු වෙන්නේ.

රෝගය සුව වුනොත් හොඳයි. ඒත් පැණියෙන් සුවවෙයිද කියල විද්‍යාත්මකව පරීක්ෂණ කරලා තමයි තීරණය කරන්න ඕන.

පැණිවලින් ලෙඩේ සුව වුනේ නැත්නම් මොකද්ද කරන්නේ? කියා ප්‍රශ්නකළ අමාත්‍යවරයා එමගින් සුවවන බව තහවුරු කිරීමෙන් පසුව එය බෙදා හැරිය යුතු බව පවසා සිටියේය.

– තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *