කොවිඩ් වසංගතය ආවේ කොහොමද කියන එක විමර්ශනය කරන එක සුදුසුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්
දේශපාලන නායකයන් දේශපාලන පක්ෂ භේද අතැර දමා සියලු දෙනා එක්ව රට ආරක්ෂා කරගත යුතු වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක් වෙමින් පැවසූහ. එලෙස කටයුතු කරනවා වෙනුවට බොරු විවේචන කරමින් සිදු කරන සමාජ ව්‍යවසනය නරක දෙයක් බවයි උන්වහන්සේ පෙන්වාදුන්නේ.
කොවිඩ් -19 වසංගතය මිනිසාගේ ආත්මාර්තකාමීත්වයේ ප්‍රතිඵලයක් වන බව කියා සිටි උන්වහන්සේ පැවසුවේ අද අවශ්‍යව ඇත්තේ ආධ්‍යාත්මික සුවයක් බවයි.
මෙම ප්‍රධාන දේව මෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවැත්විණි.
”වනාන්තර විනාශ කරනවා. වනාන්තර පද්ධතිය නැතිකරලා දානවා. අපිට ඔක්සිජන් ලබා දෙන්නේ ගස්. මේවා ඔක්කොම කපලා දානවා. අපිට කවදාහරි දවසක ඔක්සිජන් පෙට්ටියක් ඇගේ එල්ලගෙන යන්න වෙයි ඔය මුහුණු ආවරණය දා ගෙන යනවා වගේ. ඒ නිසා ධනකාමය,බලකාමය නිසා මිනිස්සු පාගාගෙන ජීවත් වීමට ඇතැම් අය උත්සහ කරනවා. අද ලෝකයේ ධනය තියෙන්නේ ටික දෙනෙකුගේ අතේ. බොහෝ දෙනෙක් දිළින්දෝ බවට පත්වෙලා තියෙනවා. ජීවත් වීමට බැරුව අරගලයක යෙදෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. දැන් මේ කොවිඩ් තත්ත්වය ආපු නිසා එදිනෙදා ජීවත් වීම සමහර මිනිස්සුන්ට අපහසු වෙලා තියෙනව. කොවිඩ් වසනගතය ආවේ කොහොමද කියන එක විමර්ශනය කරන එක සුදුසුයි. ඒවා නිකම්ම එන්නේ නැහැ. මනුෂ්‍යයාගේ ආත්මාර්ථය තුළින් සිද්ධ වුණ දේවල්. අද බෙහෙත් හේත් නිෂ්පාදනය කරන ක්‍රමවේදය තුළ විශාල දුෂණයක් සිද්ධ වන පරිසරයක් උදා වෙලා තියෙනවා. අද අපිට අවශ්‍යයි ආධ්‍යාත්මික පැවැත්මක්. ආධ්‍යාත්මික අවංකභාවයක්. ආධ්‍යාත්මික නිහතමානීකමක්. ගවලෙනේ උපන් ජේසු බිලිඳා අපට පෙන්වා දෙන්නේ ආදරය කරන්න. අපේ ජීවිතය තුළ අපට වඩා අන්‍යයන් වැදගත් කියල හිතන්නට අපි පුරුදු විය යුතුයි.” යනුවෙන් උන්වහන්සේ තවදුරටත් පවසන ලදී.