ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක් – දයාසිරි

දයාසිරිට තහනම් නියෝගයක්
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවස්ථාව සලසා දිය යුතු බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ලංකාවේ භූමියේ ඉපදුණු අයට මියගියාට පසු ලංකාවේ භූමියේ මිහිදන් වීමට නොහැකි නම් එය විශාල අර්බුදයක යයි ද ඒ මහතා කියා සිටියේය.
කොරෝනා මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ගැන කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.