ත්‍රිකුණාමලය, නිලාවේලි ගම්වැසියන් විසින් දියත් කළ විරෝධතාවය

ත්‍රිකුණාමලය, නිලාවේලි ගම්වැසියන් විසින් දියත් කළ විරෝධතාවය
ත්‍රිකුණාමලය, නිලාවේලි ප්‍රධාන මාර්ගයේ 8 කණුව මංසන්ධියේදී නිලාවේලි ගම්වැසියන් විසින් විරෝධතා රැළියක් දියත් කරන ලදී. තම අදහස්, සටන්පාඨ අඩංගු ඵලක රැගෙන මෙම විරෝධතාවයට 150 ක පිරිසක් සහභාගීවී සිටියහ.
නිලාවේලි 8 කණුව ප්‍රදේශයේ රසූල් වත්ත නම් අක්කර 61 ක් පමණ ඇති ඉඩම් කොටසෙහි එහි ගම් වැසියන් පරම්පරා ගණනාවක් ගොවිතැන් කරමින් ජීවත් වේ. සංචාරක ක්ෂේත්‍රයේ අධිකාරිය විසින් කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් නොගෙන එම ප්‍රදේශය අත්පත් කර ගැනීම හෙලා දකිමින් මෙම විරෝධතාවය දියත් කර ඇත.
-තමිළ්වින්