කුඩු ග්‍රෑම් 2ට ක්‍රියාත්මක වූ මරණිය දණ්ඩනය ග්‍රෑම් 05 දක්වා වැඩි වේ, කුඩු ජාවාරමුන්ට දිරිගැන්වීමක් ද ?

මරණිය දණ්ඩනය ග්‍රෑම් 2 ග්‍රෑම් 5ට නගී : කුඩු ජාවාරමුන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි අනාවරණ

මරණිය දණ්ඩනය ග්‍රෑම් 2 ග්‍රෑම් 5ට නගී : කුඩු ජාවාරමුන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි අනාවරණ

හෙරොයින් ශුද්ධ අගය ග්‍රෑම් දෙකට වැඩියෙන් ළග තබා ගැනීම්වලට මේ වන විට ක්‍රියාත්මක මරණිය දණ්ඩනය ග්‍රෑම් 05 දක්වා වැඩි කරමින් පවතින නීති වෙනස් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සුළු පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධව සිටින පොලිස් නිලධාරීන් රැසක්ම අනාවරණය කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් නමක් දිනා සිටින උසස් පොලිස් නිලධාරියෙක් තම අනන්‍යතාව හෙළිනොකරන ලෙස පවසමින් සදහන් කරනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 01 ක ඇති ශ්‍රද්ධ හොරොයින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 300 ක් පමණ වනු ඇති බවය.

හෙරොයින් ග්‍රෑම් එකකින් සාමාන්‍යෙයන් මත්කුඩු පානය කරන්නන් භාවිතා කරන ප්‍රමාණයේ පැකට් 40 ක් පමණ සකස් කෙරන බවත් ඒ එක් පැකට්ටුවක මේ දිනවල මත්ද්‍රව්‍ය වෙළදපොලේ වටිනාකම සටහන් වන්නේ රුපියල් 400 ත් 500ත් අතර මිලකටය.

හෙරොයින් ග්‍රෑම් 02කට වඩා අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට බලයක් නැත. නඩු පැවරෙන්නේද අල්ලා ගන්නා හෙරොයින්වල ශුද්ධ බරට අනුවය. පොලීසිය විසින් ඉදිරිපත්කරන මත්කුඩුවල ඇති ශුද්ධබර සම්බන්ධයෙන් වූ වාර්තාව අධිකරණයට ලබාදෙන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසිනි.

මේ වන විට බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක්ම හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ලග තබා ගැනීම් සම්බන්ධයෙන් මෑතකදී කළ පොලිස් වැටලීම්වලින් අත්අඩංගුවට පත්වූවන්ය.

මේ අය නිසා බන්ධනාගාර තදබදය වැඩිවීමක් පෙන්නුම්කරන බවත් මොවුන් මත්කුඩු පානයට ඇබ්බැහිවූවන් වන බැවින් ඔවුන් පුනරුත්ථාපනයට යොමු කළ යුතු බවත් ආණ්ඩුවේ බලධාරීන්ගේ මතය වී තිබේ.

මත්කුඩු භාවිත කිරීමට ඇබ්බැහිවී සිටින්නන් වරකට භාවිතා කරනුයේ හෙරොයින් මිලි ග්‍රෑම් 25 ක් පමණ වන බවත් හෙරොයින් ග්‍රෑම් ගණනින් තබාගෙන සිටින්නේ මත්කුඩු අලෙවිගේ නිරතව සිටින ජාවාරම්කරුවන් බවත් මත්ද්‍රව්‍ය වැටලීම් අංශවල නිලධාරීන් සදහන් කරති.

මේ වන විට බන්ධනාගාරගතව සිටින එම ජාවාරම්කරුවන් නව නීති මගින් සමාජයට මුදා හැරීමක් සිදුවුවහොත් ඒ තුළින් සිදුවන්නේ රටට හානියක් බවත් ඒ තුළින් සිදුන්නේ මත්කුඩු ජාවාරම්කරුවන් දිරිමත් කිරීමක් බවත් එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළෝය.

-mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *