කටුනායක ආයෝජන කලාපයේ නාමල් විවෘත කළ ‘මස් ෆැක්ටරියට’ අමරපුර නිකායේ විරෝධය හා පිළිකුල

කටුනායක ආයෝජන කලාපයේ නාමල් විවෘත කළ ‘මස් ෆැක්ටරියට’ අමරපුර නිකායේ විරෝධය හා පිළිකුල
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කටුනායක ආයෝජන කලාපයේ මස් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරණ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම සම්බන්ධයෙන් සමස්ත අමරපුර නිකායේම විරෝධය හා පිළිකුල ප‍්‍රකාශ කරන ලෙස තමන්ට මහනායක හිමියන් දැනුම් දුන් බව අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියෝ පවසති.
ඒ නායක හිමියෝ මේ බව සඳහන් කර සිටියේ (18) කොළඹදි පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.
මෙම අවස්ථාවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ශාස්ත‍්‍රපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමි, ශාස්ත‍්‍රපති පූජ්‍ය පස්සරමුල්ල දයාවංස හිමි, පූජ්‍ය මතුරට ධම්මරතන හිමි, පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි, පූජ්‍ය ධම්මික හිමි ඇතුළු මහා සංඝරත්නය ද සහභාගි වී සිටියහ.