දින 10ක් ප්‍රවේශමෙන්!

දින 10ක් ප්‍රවේශමෙන්!

දින 10ක් ප්‍රවේශමෙන්!

එළඹෙන 21 වන දින සිට 31 වන දින දක්වා, රට මුළුමනින්ම ලොක්ඩවුන් නොකළත් අවම වශයෙන් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවන ලෙස, සෞඛ්‍ය නිලධාරීන් රජයෙන් ඉල්ලා සිටින බවට ආරංචි මාර්ග පවසයි.

එසේ නොවුවහොත්, බස්නාහිර පළාත තුළ සංචරණ තහනමක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට රජය වෙත ඉල්ලීමක් කර තිබේ.

උත්සව සමය ලබන සතියේ ආරම්භ වන බැවින්, ජනතාව පාලනය කිරීමට නොහැකි තත්ත්වයක, අනවශ්‍ය ගමන් බිමන් යාමට හැකියාව ඇති බවත් මෙම ගමන් බිමන් සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශයන්ට අනුකූල නොවුණහොත්, කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානම අධික විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, රජය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, එළඹෙන දිනවල රජය වෙත මේ පිළිබඳව කරුණු දැක්වීමට අදහස් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සති කිහිපයේ බස්නාහිර පළාතෙන් වැඩි අසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බව පැවසූ සෞඛ්‍ය නිලධාරීන් ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ලෙසට ඉල්ලා සිටියහ.

එමෙන්ම, මේ වන විට වැඩි වෙමින් පවතින ආසාදිතයින් ප්‍රමාණය පාලනය නොකළහොත්, ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් සැපයීමේ හිඟයක් ඇති විය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉකුත් 15 වන දින පැවති සාකච්ඡාවකදී දැනුවත් කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *