ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩාවැටීම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම මාධ්‍ය නිවේදනයෙන් හෙළිවේ

දවසක ණය ගෙවීම කෝටි 580යි, නිල විදේශ සංචිත ප‍්‍රමාණය මෙන් දස ගුණය දක්වා විදේශ ණය ඉහළට

දවසක ණය ගෙවීම කෝටි 580යි, නිල විදේශ සංචිත ප‍්‍රමාණය මෙන් දස ගුණය දක්වා විදේශ ණය ඉහළට

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩාවැටීම මේ වසරේ (2020) දෙවන කාර්තුවේදී සිදුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම මාධ්‍ය නිවේදනයෙන් හෙළිවේ.

එම මාධ්‍ය නිවේදනය අනුව එය 2019 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කළ 1.1%ක වර්ධන අගය හා සසඳනවිට 2020 දෙවන කාර්තුවේදී 16.3% දැවැන්ත කඩා වැටීමක් සිදුවී ඇත. කාර්තුවක් අවසන් වී උපරිම වශයෙන් දින 75ක් ඇතුළත එහි ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත්කළ යුතු වුවද දෙවන කාර්තුවේ එම තත්වය මේ දක්වා හෙළි නොකර තිබිනි. මෙම ආර්ථික කඩාවැඩීම පිළිබඳව නිවේදනය නිකුත් කර තිබෙන්නේ 2021 වර්ෂය සඳහා වන අයවැය ලේඛනයද සම්මත කරගැනීමෙන් පසුවය.

එමෙන්ම රටේ ප්‍රධාන ආර්ථික අංශ තුන වන කෘෂිකර්මාන්තය 5.9%කින්ද කාර්මික ක්ෂේත්‍රය 23.1%කින්ද සේවා ක්ෂේත්‍රය 12.9%කින්ද මේ වසරේ දෙවන කාර්තුවේදී කඩාවැටී ඇතැයි එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *